කොවිඩ් 19 ආසාදිතයින් 1517 දෙනෙකු ඊයේ දිනයේ මෙරටින් හඳුනා ගත්තා.
ඊයේ දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් 1517 දෙනා අතරින් 56 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්. කොළඹ දිස්ත්‍රික්කයෙන් පසුගිය දින කිහිපයේ කොරෝනා රෝගීන් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කළද ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 249 ක්. ගම්පහින් 221ක් , කළුතරින් 183ක්, මහනුවරින් 169ක් , ගාල්ලෙන් 112 ක් සහ කුරුණෑගලින් 67 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 265,630ක්. 29122 නෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 233317 ක්.
ගතවූ දිනය තුල සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 9000 කට ආසන්න වනවා.