රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.
“එතුමාම කියනවා එතුමාට දුන්නේ විහිළු ඇමතිකමක් කියලා.”
“දයාසිරි ජයසේකර මහතා සම්බන්ධයෙන් අපි ඇත්තටම කනගාටු වෙනවා. එතුමම කියනවා එතුමට දුන්නේ විහිළු ඇමතිකමක් කියලා. ඒ කියන්නේ මාස 8ක් තිස්සේ එතුමා ජනතාවට විහිළු සැපයුවා කියලා එතුමා පිළිගන්නවා.”
අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉදිරිපත්වන විශ්වාසභංගයට පක්ෂ වන්නේ දැයි සාගර කාරියවසම මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ,
“අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කරලා අවශ්‍ය තීන්දු තීරණ ගන්නවා. රටේ ජනතාව වෙනුවෙන් ඒ කියපු දේ පක්ෂයක් හැටියට නිවරැදියි කියන දැඩි මතයේ අදටත් ඉන්නවා. ඒ කියන්නේ තෙල්මිල වැඩිකරපු එකට විරුද්ධයි කියන මතයේ. තෙල් මිල වැඩිකිරීම වැළැක්වීම සඳහා පියවර නොගැනීම කියන කාරණය සම්බන්ධයෙන් ඉදිරියේදී අවශ්‍ය කරුණු කාරණා ගත යුතුයි කියන දැඩි මතයක අපි පක්ෂයක් හැටියට ඉන්නවා.”