රුසියාව අවදානමේ / දෛනික වැඩිම ආසාදිතයන් හමුවෙයි

ජනවාරි මාසයට පසු රුසියාවෙන් දෛනිකව හමු වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා.

ගත වූ පැය 24 ට රුසියාවෙන් කොරෝනා වයිරස ආසාදිතයින් විසිපන්දහස් එකසිය හතළිස් දෙදෙනෙකු හමු වූ බවයි එරට සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ. සිදුව ඇති මරණ සංඛ්‍යාව හයසිය හැත්තෑ නවයක්. මොස්කව් නුවරින් පමණක් ඊයේ දිනයේදී ආසාදිතයින් හත්දහස් හයසිය විසිහතර දෙනෙකු හමු වී ඇති අතර වයිරසයෙන් වැඩිම බලපෑමට ලක් වූ නගරය ලෙසද මොස්කව් සැළකෙනවා. මාස කිහිපයකට පසු නැවත වරක් රුසියාව තුළ කොරෝනා වයිරසය හිස ඔසවන ආකාරය දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

මේ යටතේ රුසියාවේ නිෂ්පාදිත කොරෝනා එන්නත් සම්බන්ධයෙන්ද ගැටළුවක් මතුවිය හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ.

පුවත යවන්න