කොරෝනා වැළදී විදෙස්ගත ලාංකිකයන් 124ක් මිය ගිහින්

විදෙස්ගත රැකියාවල යෙදී සිටි ශ්‍රී ලාංකිකයින් 124 දෙනෙකු මේ දක්වා කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ති‌බේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා සඳහන් කළේ , මියගිය පුද්ගලයින් විගමනික ශ්‍රමිකයින් ලෙස ලොව රටවල් 16 ක රැකියාවල නිරත වූ පිරිසක් බවයි.

මියගිය අය වෙනුවෙන් වන්දි මුදල් ලබා දීම ද අඛණ්ඩව සිදු කරන බව ඔහු සඳහන් ක‌ළේ ය.

මේ අතර කොවිඩ් වසංගතය හමුවේ , විදෙස්ගත ශ්‍රමිකයින් තවත් 27,000 ක් පමණ දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනවල සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි

එහි මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙනිය මහතා ප්‍රකාශ කළේ, විදෙස්ගත ශ්‍රමිකයින් 65,000කට ආසන්න පිරිසක් මේ දක්වා කාලය තුළ දිවයිනට ගෙන්වා ගෙන ඇති බවය.

පුවත යවන්න