ලැම්ඩා ප්‍රභේදය රට තුළ ව්‍යාප්ත වී ඇත්දැයි සොයා ක්‍රියාත්මක මෙහෙයුම් දැඩි කෙරේ

ලැම්ඩා කොවිඩ් ප්‍රභේදය රට තුළ ව්‍යාප්තව ඇත්දැයි සොයා ක්‍රියාත්මක මෙහෙයුම් දැඩි කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනයට ලක් කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව එවැනි අවදානමක් පවතින බවය.

එම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බව, ඔහු ප්‍රකාශ කළේ ය.

පුවත යවන්න