රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ වෙනම කාමරයක්

එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුවේ වෙනම කාමරයක් ලබා දී ඇත.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂයකට කාර්යාලයක් පවත්වා ගෙන යාම සඳහා පාර්ලිමේන්තුවේ තුන්වැනි මහලෙන් කාමරයක් ලබා දෙන අතර රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයාට මෙම කාමරය ලබා දී ඇත්තේ හිටපු අගමැතිවරයා ලෙස සලකා බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ‘ පැවසුවේය.

තනි ආසනයක් පමණක් හිමි දේශපාලන පක්ෂවලට කාමර ලබා නොදේ. එක්සත් ජාතික පක්ෂයටද හිමිව ඇත්තේ තනි ආසනයක් වුවද හිටපු අගමැතිවරයා ලෙස සලකා රනිල් වික්‍රමසිංහට මෙම කාමරය ලබා දී ඇත.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයා මෙතෙක් එම කාමරයට පැමිණ නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. – Aruna

පුවත යවන්න