අද (10) දිනය තුළ කොවිඩ් මරණ 33ක් සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,467ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
ඊයේ (09) සිදුව ඇති එම කොවිඩ් මරණවලින් කාන්තාවන් 14ක් හා පිරිමි පුද්ගලයින් 19ක්.
මියගිය පුද්ගලයින්ගෙන් එක් කාන්තාවක් අවුරුදු 30 ට අඩු වන අතර, අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සෙසු පුද්ගලයින් 27දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අයයි.