15 හැවිරිදි බාල වයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාලව තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
හිටපු බැංකු කලමනාකරුවෙකු සහ පොලිස් නිලධාරියෙකුයි එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.
පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව සිදුකළ විමර්ශනයකින් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුවුණා. දැරියගේ ජංගම දුරකතන දත්ත ඔස්සේ සිදුකළ විමර්ශනයකින් පසු හිටපු බැංකු කලමනාකරු සහ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිටපු බැංකු කලමනාකරු රත්මලාන ප්‍ර දේශයේ පදිංචිකරුවෙක්. අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියා පොලිස් ක්‍රීඩා කොට්ඨාශයට අනුයුක්තව සේවය කර ඇති බවයි හෙළි වී ඇත්තේ. දැරියගේ දුරකතන දත්ත විශ්ලේෂණ වාර්තාව අනුව තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.
මේ අතර දැරිය අපයෝජනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මිහින්තලේ ප්‍රා දේශීය සභාවේ උප සභාපතිවරයා,හෘද රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයා සහ තවත් මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකු දැඩි කොන්දේසි සහ ඇප මත පසුගියදා මුදා හැරුණා.