අද (12) දිනය තුළ කොවිඩ් මරණ 31ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 3,533ක් දක්වා ඉහළ ගොස් තිබුණා.
ඊයේ (11) සිදුව ඇති එම කොවිඩ් මරණ 31න් 15 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 16දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 5දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සෙසු පුද්ගලයින් 26දෙනා අවුරුදු 60 සහ ඊට වැඩි අයයි.