එක්සත් රාජධානියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් චීනය විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ ප්රකාශයකට ශ්රී ලංකාව අත්සන් තබා තිබෙනවා.
ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන සැසිවාරයේදී මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා.
“රටවල් සමූහයක් වෙනුවෙන් කතා කිරීමට ලැබීම ගෞරවයක්. එක්සත් රාජධානියේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අපගේ ගැඹුරු කනස්සල්ල ප්රකාශ කරමු. දැඩි පද්ධතිමය වර්ගවාදය, වාර්ගික වෙනස්කම් කිරීම, වෛරී කථාව, භීතිකාව සහ ඒ හා සම්බන්ධ ප්රචණ්ඩත්වය එක්සත් රාජධානියේ බොහෝ කලක සිට පැවතුනි. ”යනුවෙන් චීන නියෝජිතයන් මෙහිදී කරුණු දක්වා තිබෙනවා.
චීනය, බෙලාරුස්, බොලිවියාව, කොංගෝව, ඉරානය, රුසියාව, ශ්රී ලංකාව, සිරියාව සහ වෙනිසියුලාව යන රටවල් විසින් අත්සන් කරන ලද ඒකාබද්ධ ප්රකාශය මගින් එක්සත් රාජධානියෙන් ඉල්ලා සිටියේ සිය මානව හිමිකම් ගැටලු විසදීමට පියවර ගනිමින් ,වාර්ගික වෙනස්කම් කිරීම්වලට මූලික හේතුව හඳුනාගන්නා ලෙසයි.