පළාත් අතර බස් රථ සහ දුම්රිය ධාවනය හෙට(17) දිනයේ සිට අගෝස්තු 01 වැනිදා දක්වා අත්හිටුවා තිබෙන බව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසනවා.
පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා පිට පළාත් වල සිට දුම්රිය හතක් පසුගිය 14 වැනි දින සිට කොළඹ කොටුව සහ මරදාන දක්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබුණා.