ශ්‍රී ලංකාවේ සදනි සඳ තරණයට සූදානමින්

Dear moon ව්යාපෘතිය යටතේ සඳ තරණය කිරීමට තෝරාගන්නා කණ්ඩායමේ අවසන් 17 දෙනා අතරට තේරීපත්වීමට ශ්රී ලංකාවේ සදනි කුමාරසිංහ දියණිය සමත්වී තිබෙනවා.
මෙම වැඩසටහනට රටවල් 249 අතරෙන් අයදුම් පත්ර මිලියනයකින් මේ වන විට දාහත්දෙනකු තෝරාගෙන තිබෙනවා. ඒ අතරෙන් 08 දෙනෙකුට මෙම සුවිශේෂි අවස්ථාව හිමිවනවා. සඳ වෙත මෙම කණ්ඩායම 2023 රැගෙන යාමට බලාපොරොත්තු වෙනවා.
මේ අනුව වයස අවුරුදු 20ක් වන සඳනි සහ බොහෝදෙනාගේ අවධානයට දිනාගත් ඇමරිකාවේ ඇලීසා නිකොලා(20) ද තේරී පත්වී තිබෙන අනෙක් ලාබාලම තරුණියයි.
2019 වර්ෂයේදී සදනි දියණියහට ඇමරිකාවේ නාසා ආයතනයේ තාරකා විද්යාව සහ ගගනගාමී පාඨමාලාව හැදෑරීමට ශිෂ්යත්වයක් හිමි වී ඇති අතර එම පාඨමාලාව හැදෑරීමට තමන්ට ඇති ආර්ථික අපහසුතා පිලිබදව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාව දැනුවත් පසුව හිටපු ජනාධිපතිවරයා සඳනි හට උදව් උපකාර කර තිබෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපතිතුමා හමුවී ඊයේ දිනයේ ඇය ලබාගත් ජයග්රහනය පිලිබදව ඔහුව දැනුවත් කර තිබෙනවා.
පුවත යවන්න