සිව්වන කොරෝනා රැල්ල අභියසට ශ්‍රී ලංකාව පැමිණ ඇති බවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අද අනතුරු ඇගවීමක් කළා.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සදහන් කළේ යම්තාක් දුරට කොරෝනා ආසාදිතයින්ගේ අඩුවීමක් පසුගිය සති කිහිපය තුළ දක්නට ලැබුණ ද රෝග ව්‍යාප්තියේ අඩුවක් නොමැති බවයි.
රෝහල් පද්ධතිය දෙස අවධානය යොමු කිරීමේදී දත්ත මත පදනම්ව හතරවන කොරෝනා රැල්ල අභියසට පැමිණ ඇති බව පෙන්වා දියහැකි බවයි වෛද්‍යවරිය පැවසුවේ.