තවත් ප්‍රදේශ කිහිපයක් අද උදෑසන සිට හුදකලා බවින් මුදා හැර තිඛෙනවා.
ඒ අනුව මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ පොලිස් බල ප්‍රදේශයේ බෝගහකොටුවල අගලවත්ත සහ හරස්ගම ප්‍රදේශවලට හුදකලා බව ඉවත් කළ බවයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ.