රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අත්අඩංගුවට පත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් සිව්දෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා පැය 48ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබා දී තිබේ.

ඒ, ඔවුන් අද(24) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගැනිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, සැකකරුවන් ලබන සඳුදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවය.

පුවත යවන්න