රෝහල් ධාරිතාව උපරිම සීමාවට ළංවෙයි

මේ දිනවල කොවිඩ් රෝගීන්ගේ වාර්තාවීමත් සමග රෝහල් තුළ සැලසුම් කර තිබූ ඉඩකඩ බොහෝදුරට සම්පූර්ණ වී ඇති බව වාර්තා වෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඒ අනුව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර ලබාදීමේදී පෙරට වඩා ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළ ගොස් ඇති බවයි.

“මේ දවස්වල හමුවන රෝගීන්ගෙන් වෙනදාට වඩා වැඩි ප්‍රතිශතකයක් රෝග ලක්ෂණ සහිතව හමුවෙනවා කියලා අපිට පේනවා. ඒ වගේම වැඩි කොටසකට ඔක්සිජන් අවශ්‍යතාව වැඩිවෙලා තියෙනවා. මේ තත්ත්වය යටතේ, අපි සැලසුම් කරලා තිබුණු ඉඩකඩ බොහෝදුරට සම්පූර්ණ වෙලා කියලා වාර්තා වෙනවා රෝහල් කිහිපයකම. විශේෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලින් ගත් නියැඳිවලට අනුව ඩෙල්ටා ආසාදිතයින් 20% සිට 30% දක්වා ප්‍රතිශතයක තිබෙන බව වාර්තා වෙනවා. අනෙක් ප්‍රදේශවලත් අඩුවැඩි වශයෙන් මේ තත්ත්වය තිබෙන්න පුළුවන්.”

පුවත යවන්න