දරුවන් රාත්‍රියේ පරිගණක තිරවලින් ඈත් කර තබන්න

දරුවන් නින්දට යාමට පැය භාගයකට පෙරවත් පරිගණක තිර සහ ජංගම දුරකථනවලින් ඈත් කර තබන ලෙස ​ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝ විද්‍යාඥ ටීනා සොලමන්ස් පැවැසුවාය.

එසේ නොමැති වුවහොත් නින්දට බාධා වී දරුවන්ගේ මානසික ආතතිය වැඩි වීමට එය හේතුවක් වන බව ද ඇය අවධාරණය කළාය.

මේ දිනවල සිදුවන මාර්ගගත අධ්‍යාපන ක්‍රමයත් සමග බොහෝ දරුවන්ට ජංගම දුරකථන සහ පරිගණක සමග වැඩි වශයෙන් කාලය ගත කිරීමට සිදුව ඇති නිසා ඔවුන්ට විවේකය අවශ්‍ය බව ද මනෝ විද්‍යාඥ ටීනා සොලමන්ස් කියා සිටියාය.

එසේම ළමුන්ට මානසික ආතතිය වැඩිවුවහොත් තරහ යාම, අවධානය යොමු කරගැනීමේ අවශ්‍යතාවය වැඩිවීම වැනි ගැටලුවලට මුහුණදීමට සිදුවන බව ද මනෝවිද්‍යාඥවරිය සඳහන් කළාය.

බො​හෝ වෙලාවට මේ දිනවල දෙමාපියන්ගේ ආතතිය වැඩිවීමත් සමග ගෘහස්ථ හිංසනය වැඩිවීමක් ඇති බව ද එම නිසා දෙමාපියන් ද දිනකට පැය භාගයක කාලයක් පමණ විවේකයෙන් සිටීම අවශ්‍ය බව ඇය වැඩිදුරටත් පැවැසුවාය.

වරුණි පෙරමුණ

පුවත යවන්න