විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද කොළඹ සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට යොමුව තිබෙනවා.
ඇමැතිවරයා මෙසේ ස්වයං නිරෝධායනයට යොමු වී සිටින්නේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වීම මතයි.
ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව අමාත්‍යාංශය පසුගිය සදුදා සිට වසා දමා තිබෙනවා.