සාමාන්‍ය පරිදි සියලුම රජයේ සේවකයන් අද (02) සිට යළි සේවයට කැඳවීමට අදාළ චක්‍රලේඛය සංශෝධනය කරන ලෙස රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආන්නද හිමියෝ ඉල්ලා සිටිති.
පවතින කොවිඩ් වසංගතය හමුවේ ගැබිනි හෙද නිලධාරිනියන් සේවයට කැඳවීම පිළිබඳ සහ දිනෙන් දින වර්ධනය වන රෝගී සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් මෙය සංශෝධනය කළ යුතු බව උන්වහන්සේ ප්‍රකාශ කරති.
එසේම සියලු හෙද කාර්යමණ්ඩලය එකවර සේවයට කැඳවීමේදී ඔවුන්ට කොවිඩ් ආසාදනය වුවහොත් ඉන් පීඩා විඳීමට සිදුවන්නෙ රෝගීන්ට බවද උන්වහන්සේ අවධාරණය කරති.
මේ අතර රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය සඳහන් කළේ මෙම චක්‍රලේඛය සෞඛ්‍ය කේෂ්ත්‍රයට ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහොත් අනිවාර්යෙන්ම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් ක්‍රියාත්මක කරන බවය.