දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද සදහන් කළේ ගතවූ දිනයේ මරණ 74 ක් වාර්තා වූ බවයි.
මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4,645 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මියගිය අය අතර පිරිමි අය 48 දෙනෙක් සහ කාන්තාවෝ 26 දෙනෙක් වනවා.
මියගිය අයගෙන් 56 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 17 දෙනෙක් හා වයස අවුරුදු 30 ට අඩු අයෙක් ද ඊට ඇතුලත්.