ජනාධිපති කාර්යාලය අසල විරෝධයේදී 42ක් අත්අඩංගුවට

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස විරෝධතාවේ නිරත වූ පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 16 දෙනෙකු ද වන බවයි.

අත්අඩංගුවට ගත් පිරිස සමග වාහන 10 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වැටුප් විෂමතාව ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති කඩවත, පන්නිපිටිය, වැලිසර , මහනුවර සහ මොරටුව යන ප්‍රදේශවල සිට රථ පෙළපාළිවලින් කොළඹට පැමිණියා.

රථ පෙළපාළිවලින් ජනාධිපති කාර්යාලය අසලට පැමිණි පිරිස පැයකට ආසන්න කාලයක් ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක නිරත වූ අතර ඒ හේතුවෙන් ගාලු පාරේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබුණා.

පුවත යවන්න