නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්ඩාරට එරෙහිව දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම සිදුකර ඇති නිර්දේශ මත ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
එම නියෝගය නිකුත් කර ඇත්තේ නිශ්ශංක බන්දුල කරුණාරත්න, දේවිකා අබේරත්න සහ බී.එන් සමරකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් අදාළ පෙත්සම විභාග කිරීමට අවසර ලබාදෙමිනි.
පසුගිය ජනවාරි මස 18 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව එම කොමිෂන් සභා වාර්තාවෙන් පෙත්සම්කරු සම්බන්ධයෙන් සිදුකර ඇති නිර්දේශවලට අදාළව ඉදිරි පියවර ගැනීමද මෙම තහනම් නියෝගය මගින් වළක්වා තිබේ.