මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 5,000 ඉක්මවා ගොස් තිබෙනවා.
ඒ ඊයේ (06) කොවිඩ් මරණ 98ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අද (07) දින තහවුරු කිරීමත් සමගයි.
ඒ අනුව, මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 5,017ක් බවට පත්වුණා.
එම කොවිඩ් මරණ 98න් 51 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 47දෙනා පිරිමි පුද්ගලයින් වනවා.