දෛනික ආසාදිතයන් 5,000 ඉක්මවිය හැකියි / විශේෂඥයන් අනතුරු අඟවයි

මෙරට දෛනික කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 5000 ඉක්මවා ගොස් දෛනික මරණ ප්‍රමාණය 200 ඉක්මවනු ඇතැයි වෛද්‍ය විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා.
ඩේලි මිරර් පුවත්පත වාර්තා කළේ දැනට පවතින අවදානම ඉදිරියේ දී තවත් වර්ධනය වීමට හැකියාව පවතින බවයි.
දැනට රෝහල්වල ඔක්සිජින් ප්‍රමාණවත් ලෙස තිබුණද සතියකින් පමණ ඔක්සිජන් හිඟතාවයක් හේතුවෙන් ආසාදිතයන් අවදානමකට ලක්විය හැකි බවද මෙමගින් පෙන්වා දී තිබුණා.
රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පැවසුවේ වහාම ජනතාවගේ සංචරණ සීමා නොකළහොත් තත්ත්වය තවත් බරපතළ විය හැකි බවයි.
රෝහල් කාර්ය මණ්ඩලය වසංගතයට ගොදුරු වෙමින් පැවතීම තත්ත්වය තවත් බරපතළ තැනකට ඇද දමා ඇතැයි ද අවධාරණය කර තිබෙනවා.

පුවත යවන්න