ඇඳිරි නීතිය දැම්මොත් දින 20ට ජීවිත 1200ක් බේරාගත හැකියි / මහාචාර්ය සුනෙත් අගම්පොඩි

වහාම ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළහොත් ඉදිරි දින 20ක් තුළ අමතර මරණ 1,200ක් පමණ වළක්වා ගත හැකි වනු ඇති බව රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසනවා.

අමෙරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විද්‍යාඥයෙකු වශයෙන් ද කටයුතු කරන මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පෙන්වාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වය පුරෝකථනය කරන දත්ත මඟින් එය පෙන්නුම් කරන බවයි.

තීරණ ගැනීමේ දින 05ක ප්‍රමාදය, අවම වශයෙන් පුද්ගලයින් 700 දෙනෙකු මරණයට හේතු වනු ඇති බව එම දත්ත උපුටා දක්වමින් මහාචාර්යවරයා සඳහන් කර තිබෙනවා.

සති දෙකක් තුළ මෙරට දෛනික මරණ සංඛ්‍යාව 150 ඉක්මවා යා හැකි බවට මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පසුගිය 7 වනදා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණා.

Image

පුවත යවන්න