අගෝස්තු 17 මධ්‍යම රාත්‍රියේ සිට විවාහ උත්සව සඳහා අවසර නෑ

ලබන අඟහරුවාදා (17)  මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ මංගල උත්සව තහනම් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එමෙන්ම අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශී වන කිසිදු අවස්ථාවකට ද අවසර නොමැත.

අවන්හල්වල වරකට රැස්වී සිටිය හැක්කේ ර්වායේ ධාරිතාවයෙන් 50%කට නොවැඩි පිරිසකට පමණි.

එසේම ප්‍රසිද්ධ ස්ථානවල ගැවසීමෙන් හැකිතාක් දුරට වළකින්නැයි ද රජය ඉල්ලා සිටින බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

පුවත යවන්න