කොරෝනා ආසාදිතව සිටින හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වනවා.
කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබියදීත් සමරවීර මහතාට වෛරසය ආසාදනය වී තිබුණා.
ඔහුගේ ප්‍රකාශකයෙකු පැවසුවේ මංගල සමරවීර මහතා කොවිඩ් නියුමෝනියාව සහ ඒ ආශ්රිත සංකූලතාවයෙන් පෙළෙන බැවින් දැඩි සත්කාර යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබන බවයි.