වැඩිහිටි නිවාසයකින් කොරෝනා මරණ 3ක්

වැඩිහිටි නිවාසයක කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මහනුවර පිහිටි එම වැඩිහිටි නිවාසයෙන් මේ වනවිට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 46 දෙනෙකු ද හඳුනාගෙන ඇති බව සදහන්.

ඊයේ (15) රාත්‍රියේ ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර අද (16) අනෙක් පුද්ගලයා මියගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවා.

මහනුවර මහනගර සභාවේ සෞඛ්‍ය අංශය සඳහන් කළේ එම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් 63 දෙනෙකු නේවාසිකව රැඳීසිටින බවයි.

පුවත යවන්න