තවත් කොරෝනා ආසාදිත මරණ 167 ක්

කොවිඩ් ආසාදිතවූ තවත් 167 දෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළා.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 6,263 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය අය අතර පිරිමි අය 103 දෙනෙක් සහ කාන්තාවෝ 64 දෙනෙක් වනවා.

මියගිය අයගෙන් 130 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 36 දෙනෙක් සහ වයස අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද වනවා.

පුවත යවන්න