මෙරටින් තවත් කොරෝනා මරණ 171 ක්

මෙරටින් තවත් කොරෝනා මරණ 171 ක් වාර්තා වී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, මියගිය පිරිස අතරින් 102 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 69 දෙනා කාන්තාවන්.

අද දිනයේ වර්තා වූ මරණකරුවන් අතර වයස අවුරුදු 30 ට අඩු පිරිමි ආසාදිතයින් ද දෙදෙනකු ද වනවා.

මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන ආසාදිතයින් 35 දෙනෙකු සිටින අතර ඉතිරි ආසාදිතයින් 134 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්මවූ වැඩිහිටියන්.

අද (17) වාර්තා කරන ලද මෙම මරණ 171 සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ ඇත්තේ, ඊයේ දිනයි.

පුවත යවන්න