කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති තවත් 892 දෙනෙකු අද (17) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 3,555ක්.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 365,629ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,283ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 314 ,340ක් බවට පත්වුණා.