තවත් කොරෝනා මරණ 170ක් මෙරටින් වාර්තා වී තිබෙනවා.
ඊයේ දිනයේ මෙම මරණ තහවුරු කළ බවයි , සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේ.
ඊයේ දිනයේ වාර්තා වන මෙම මරණ වලින් 86 ක් කාන්තාවන් වන අතර 84 ක් පුද්ගලයන් වනවා.
වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 130 දෙනෙකු ද මෙසේ මිය ගිය පිරිසට ඇතුලත්.
මේ සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,604ක් දක්වා ඉහළගොස් තිබෙනවා.