වෛද්‍ය උපදෙසකින් තොරව ළමුන්ට ඖෂධ ලබා දීමෙන් වළකින්නැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
රෝහල් අධ්යක්ෂවරයා පැවසුවේ අනවශ්‍ය ලෙස දරුවන්ට විවිධ විටමින් වර්ග ලබා දීමෙන් වළකින ලෙසයි.
යම් ලෙසකින් කුඩා දරුවෙකුට රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නම් වහාම රෝහල වෙත රැගෙන ඒමට කටයුතු කරන ලෙස රැගෙන එන කිසිදු දරුවෙකු ළමා රෝහළ ප්‍රතික්ෂේප කිරීමක් සිදු නොකරන බවත් වෛද්‍ය ජී විජේසූරිය මහතා සදහන් කළා.
රිජ්වේ ආර්වේ ළමා රෝහලෙන් දිනකට ළමුන් 25ත් 30ත් අතර සංඛ්‍යාවක් කොරෝනා ආසාදිතයින් ලෙස හදුනාගන්නා බවත් ඔහු පැවසුවා.