ඩෙල්ටා දරුණු ලෙස පැතිරෙනවා / මහාචාර්ය මනුජ් වීරසිංහ

පවතින කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය මනුජ් වීරසිංහ මහතා ඊයේ (29) අනතුරු ඇඟවීමක් කළේය.

අපට දිනකට ලැබෙන අහුවෙන රෝගීන් සංඛ්‍යාව වගේ තුන්ගුණයක් අපි දකිනවා ආසාදනය වෙන බව මොකද නිවෙස් තුළ ඩෙල්ටා වෛරසයත් එක්ක අපි දකින්නේ ඉක්මනින් පැතිර යනවා එතකොට මුළු පවුලම වගේ ආසාදනය වෙනවා මේකක් එක්ක අපිට ඇති ගැටලුව තමයි රෝහල්වලට ඇතුල් වෙන සංඛ්‍යාවත් දැනට පවතින පද්ධතිය තුළ නිවෙස් තුළ රෝගින් කළමනාකරණයට එක්වෙලා ඉන්න කට්ටියත් එක්කහු කරාම ඊට වඩා වැඩි පිරිසක් බෝහෝ විට ඔය පද්ධති දෙකටම අන්තර්ග්‍රහණය නොවි නිවෙස්වල රැඳී පවතිනවා එතකොට ඒ අයට සේවා සැපයීම යම් තරමක ගැටලුවක්.

බස්නාහිර පළාතේ නිවෙස්තුළ මේ රෝගය දරුණු විදිහට පැතිර යනවා නිවෙස් තුළින් නැවත වාරයක් සමාජයට දීර්ඝ විදිහට පැතිරන්න ගියොත් ඉතා ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙනවා. මේ දිනවල දකින දෙයක් තමයි කොච්චර ඇඳිරි නීතිය තිබ්බත් අත්‍යවශ්‍ය සේවාවලට ඇතැම් අය මුවා වෙලා නිවෙස්වලින් බැහැරව යනවා. ඒකෙන් සිදුවෙන්නේ නිවෙස් තුළ ඉන්න රෝගීන්ට අමතර රෝගීන් සංඛ්‍යාවක් දිනෙන් දින බස්නාහිර පළාතේ ඇතිවීමේ හැකියාවක් තියනවා. ඊට වඩා තවත් දරුණු තත්ත්වයක් අපි දැන් දකිනවා ඒ තමයි දැන් ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශ‍යෙන් තියෙන්නේ බස්නාහිර පළාතේ බස්නාහිර පළාතෙන් එපිටට මේ ගමන් බිමන් යාමට පටන් ගැනීමත් සමගම ඉතුරු පළාත් දැඩි විදිහට මේක පැතිරීමේ අවදානමක් තියනවා.

දැනටමත් තියන දත්ත අනුව මං හිතන්නේ ඇතැම් පළාත්වල දැනටමත් ඩෙල්ටා ප්‍රභේදය යම් මට්ටමකට පැතිරෙනවා. ඒ නිසා ඒ තුළ අද බස්නාහිර පළාතේ අපි දකින ඉතාම දරූණු තත්ත්වය වෙනත් පළාත්වලට ඉදිරි සති කිහිපයේ පැතිරීමේ අවදානමක් තියනවා. ඒ නිසාම තමයි දැනට තියන දැඩි සංචරණ සීමා තත්ත්වය දිගටම පවත්වාගෙන යා යුතුයි කියන කාරනේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අපි දකින්නේ. නැත්තම් වෙන්නේ දැන් ඉතා වේගයෙන් පැතිරෙන බස්නාහිර පළාතේ තිබෙන තත්ත්වය වෙනත් පළාත්වලට ඉතා ඉක්මනින් ළඟා වෙන්න පුළුවන්.

පුවත යවන්න