දිනකදී වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වෙයි

දිනක් තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා කර තිබෙනවා.
එම මරණ සංඛ්‍යාව 216 ක්.

මෙම මරණ 216ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,991ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පැවසුවා.

ඊයේ සිදුව ඇති එම කොවිඩ් මරණ 216න් 101 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 115දෙනා පිරිමි පුද්ගලයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.

මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 170 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ සදහන්.

එමෙන්ම මියගිය පුද්ගලයින්ගෙන් 41 දෙනෙක් අවුරුදු 30-59ක් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පැවසුවා.

පුවත යවන්න