පාස්කු ප්‍රහාරය ගැන නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 25 දෙනෙකුට එරෙහිව ගොනු කරන නඩුව විභාග කිරීම සදහා ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා. ඒ අග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින්.

මෙම විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා වන්නේ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතායි. අමල් රනරාජා සහ නවරත්න මාරසිංහ යන විනිසුරුවරුන් මෙම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වනවා.

අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුවයි අගවිනිසුරුවරයා මෙම ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල නම් කර තිබෙන්නේ.

පුවත යවන්න