තවත් කොරෝනා ආසාදිත මරණ 215 ක්

තවත් කොවිඩ් මරණ 215ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (31) දින තහවුරු කර ඇති එම මරණ 215 ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,400ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 100 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 115 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

අවුරුදු 60ට වැඩි 167ක්, අවුරුදු 30ත් 59ත් අතර 46ක් සහ අවුරුදු 30ට අඩු දෙදෙනෙක් එලෙස මියගිය පිරිස අතර වේ.

පුවත යවන්න