ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස නම් කර සිටින මිලින්ද මොරගොඩ මහතාගේ අක්තපත්‍රය ඉන්දීය රජය පිළිගෙන නොමැති බවට පළවන වාර්තාවල සත්‍යතාවක් නොමැති බව කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
ඉන්දියාවේ , ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කෙරුණු මිලින්ද මොරගොඩ මහතා පසුගිය 30 වනදා නිල වශයෙන් සිය රාජකාරී ඇරඹී ය.
ඒ නවදිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේදීයි.