රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ධූරයෙන් ඉවත් කර ඔහුට එරෙහිව නීතිමය පියවර අනුගමනය කරන්නැයි දෙමල ජාතික සන්ධානය රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ පසුගිය 12 වනදා අනුරාධපුර බන්ධනාගාරය තුලට ගොස් එහි රදවා සිටින ත්‍රස්තවාදී චෝදනා ලැබූ සැකකරුවන් දෙදෙනකු දණගස්වා තර්ජනය කළ බවට චෝදනා කරමිනුයි.
කෙසේ වෙතත් චෝදනා කරන ආකාරයේ සිදුවීමක් එදින වාර්තා වී නොමැති බවයි මෙම චෝදනා බැහැර කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සදහන් කළේ.
We call on the government to immediately remove the State Minster for Prison Management and have him arrested and charged after an immediate inquiry for allegedly threatening to kill prisoners in Anuradhapura prison on Sunday 12th September
— TNAMedia (@TNAmediaoffice) September 14, 2021