ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අන්තවාදී ප්‍රහාර අවදානමක් පිළිබද සිදුකළ හෙළිදරව්ව සම්බන්ධයෙන් සමගි ජනබලවේගයෙන් CIDයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එහි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කළා.
මේ අතර කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට ප්‍රහාරයක් එල්ලවන බවට වාර්තා වු තොරතුරු වල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ තහවුරු කළේ.