පවතින වසංගත තත්ත්වය හමුවේ රජයේ ආදායම් පහළ වැටීම හේතුවෙන් අමාත්‍යංශවල වැය සීමා කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල සංදේශයක් මඟින් යෝජනා කර තිබෙනවා.
ඒ අනුව අමාත්‍යංශවල හා දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ ඉන්ධන, දුරකථන ඇතුළු දීමනා රැසක් කපා හැරීමට යෝජනා කර තිබෙනවා.
*නියමිත අනුමැතීන් යටතේ ප්‍රතිපාදන වෙන්වී තිබුණද දැනට ආරම්භ කර නොමැති වැඩසටහන්, මිලදී ගැනීම්, ඉදිකිරීම්, ගොඩනැගිලි නවීකරණය හා වැඩිදියුණු කිරීම ආදිය තාවකාලිකව අත්හිටුවීමටත්,
*සේවක බඳවා ගැනීම සඳහා මූලික කටයුතු සිදුකර තිබුණද මෙතෙක් පත්වීම් කර නොමැති තනතුරු සඳහා බඳවා ගැනීම් කල් තැබීමටත්,
*සුබසාධන වැඩසටහන් යටතේ ප්‍රතිලාභී ලේඛන සමාලෝචනයට ලක්කර අත්‍යාවශ්‍යෙයන්ම ප්රතිලාභ ලබාදිය යුතු අඩු ආදායම්ලාභීන්ට පමණක් සීමා කිරීමටත්, යෝජනා කර තිබේ.
*එමෙන්ම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර නොමැති කිසිඳු දීමනාවක්, සුබසාධන වැඩසටහන්, සංවර්ධන සහයන් හෝ සහනාධාර ලබාදීම නතර කිරීමටත්,
*අමාත්‍යංශ ලේකම්වරුන්ගේ, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අනුමැතීන් යටතේ ගෙවනු ලබන වැටුප් නොවන දීමනා, බිල්පත් ප්‍රතිපූර්ණය කිරීම යනාදිය පොදුවේ සියලු නිලධාරීන්ට ලබාදීම වෙනුවට සත්‍ය වශයෙන් කාර්යයේ නියැලෙන නිලධාරීන්ට පමණක් සීමා කිරීමටත්,
*මූලධන සංවර්ධන වැඩසටහන් යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිතයෙන් සිදුකරනු ලබන විවිධ ද්‍රව්‍ය, භාණ්ඩ හා උපකරණ සහ මූල්‍ය ප්‍රදාන ලෙස දෙනු ලබන ආධාර බෙදාදීම අත්හිටුවීමටත්, යෝජනා කර තිබේ.
*අමාත්‍යංශවල සුවිශේෂ ප්‍රමුඛතාවලට සෘජුව අදාළ නොවන සියලුම ආකාරයේ වැඩසටහන් සඳහා වියදම් දැරීම වහාම අත්හිටුවීමටත්,
*නිලධාරින් සේවයට කැඳවන අවස්ථාවේදි නිලධාරීන්ගේ පැමිණිම පදනම් කරගත් ඉන්ධන දීමනා වැනි දීමනා සේවයට වාර්තා කරනු ලබන දිනවලදී පමණක් ලබා දීමටත්, මුදල් අමාත්‍යවරයා විසින් සිය කැබිනට් මණ්ඩල සංදේශයේ වැඩිදුරටත් සඳහන් වේ.