වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල සිද්ධියට අධිකරණ ඇමති සමාව ඉල්ලයි

වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලදී පසුගියදා සිදුවූ සිදුවීම් සම්බන්ධව ස්වාධීන පරීක්ෂණ පැවැත්වීමට විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරයෙකු පත්කරන බව අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධව අද පාර්ලිමේන්තුවේ දී ඒ මහතා අදහස් පළ කළා.

මෙවැනි සිදුවීම් කිසි දිනක සිදුවිය යුතු දේවල් නෙවෙයි. අධිකරණ අමාත්‍යවරයා ලෙස මම මේ  සිදුවීම හෙළා දකිනවා. ඒ වගේම මේ සිදුවීමට මුහුණ දුන් සිරකරුවන්ගෙන් වගේම ඔවුන්ගේ පවුල්වල ඥතීන්ගෙනුත් සමාව ඉල්ලනවා. නමුත් මෙවැනි සිදුවීම්වලට දේශපාලන ජාති හෝ ආගම් සම්බන්ධ කිරීමට උත්සාහ කරන එක මම පිළිගන්නේ නැහැ. ඒ වගේම මේ සිදුවීම් පිළිබඳ අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කෙරෙනවා.

බන්ධනාගාරවල රදවා සිටින සැකකරුවන් පිළිබඳව සහ ඔවුන්ගේ ආරක්ෂාව ගැන රජයක් විදිහට  අපට වගකීමක් තිබෙනවා. දැනටමත් අවශ්‍ය ආරක්ෂාව සලසලා තියෙන්නේ අපි ඒ ගැන මානව හිමිකම් කොමිසමටත් දැන්වුවා.

පුවත යවන්න