අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා හා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් අද පස්වරුවේ පැවැත්වෙනවා.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් අතර මෙම හමුව අරලියගහ මන්දිරයේදී අද පස්වරු 4.30 ට පැවැත්වෙන අතර මෙහිදී රට තුළ පවතින වර්තමාන තත්ත්වය පිළිබද වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.
කොරෝනා මර්දන වැඩපිළිවෙළ, එන්නත්කරණය මෙන්ම පවත්නා තත්ත්වය හමුවේ ජනතාවට මුහුණපෑමට සිදුව ඇති ගැටලු පිළිබදව ද මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
කෙරවලිපිටිය බලාගාරයේ නල පද්ධතිය සහ ගබඩා සංකීර්ණය ඉදිකිරීම සම්බන්ධයෙන් මතුව ඇති කතාබහ ද මෙහිදී අවධානයට ලක්වනු ඇති.