සීමාවන්ට යටත්ව ඔක්තෝබර් පළමු වැනිදා රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
30 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිත බව ද අමාතයරවයා සඳහන් කළේ ය.