අද (29) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 256ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 941ක්.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ගණන 516,465ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මේ අතර ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා මරණ 61ක් ද වාර්තා වී තිබුණා.