සහල් සඳහා උපරිම මිලක් නියම කිරීමට අදාළව නිකුත් කර තිබු ගැසට් පත්‍රය අවලංගු කිරීමට ආදාළ නව ගැසට් පත්‍රය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ (29) නිකුත් කර තිබේ.
මේ අතර සහල් මිල පාලනය තාවකාලිකව ඉවත් කිරිමෙන් පසු සහල් මෝල් හිමියන් ප්‍රකාශයට පත්කර ඇති ඇතැම් මිල ගණන්වල ගැටලු සහගත තත්ත්වයන් පවතින බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.
මහා පරිමාණ සහල් මෝල් හිමියන් ප්‍රකාශ කළ මිලට ඊයේ පිටකොටුවේ ඇතැම් තොග වෙළෙඳුන් වෙත සහල් තොග ලැබී තිබුණි.
කෙසේවෙතත් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කළේ, සහල් මිල පාලනයෙන් රජය ඉවත් නොවිය යුතු බවය.