සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ ක්ෂේත්රයන්ගේ කැපවීම මත මේ වන විට යම්තාක් දුරට කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කරගැනීමට හැකි වූ බවත් එය තවදුරටත් පාලනය කරගැනීම සඳහා රට විවෘත කෙරෙන හෙට දවසේ සිට උපරිම ජනතා සහයෝගයක් සමස්ත ජනතාවගෙන්ම අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
මේ වෙනුවෙන් කැපකිරීම් කළ සැවොම අගය කරන්නේ නම් එම අගය කිරීමට දිය හැකි උපරිම වටිනාකම සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස රකිමින් ජනතාව ලබා දෙන සහයෝගය යැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
හෙට අලුයම සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරමින් යම් යම් සීමාවන් සහිතව රට විවෘත කිරීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීය. එම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද එක්ව සිටියේය.
ලොව ඇතැම් රටවල්හි වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් අභියෝගයෙන් පලා යද්දී මෙරට සෞඛ්‍ය අංශ ඒ වෙනුවෙන් දැඩි කැපවීමක් කළ බවද අමාත්‍යවරයා පැවසීය. සමහරක් රටවල ඇතැම් පිරිස් සේවයට වාර්තා නොකර රැකියාවෙන් පවා ඉවත්ව කොවිඩ් හමුවේ පලා ගිය බවද හෙතෙම කීය. එහෙත් මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය පුදුමාකාර කැපකිරීමක් කළේ යැයිද , එයට රටේ සමස්ත ජනතාවම ප්‍රසාදය පළ කරන්නේ යැයිද අමාත්‍යවරයා පැවසීය.