පාසල් විවෘත කළද තම වැටුප් ගැටලුව විසඳන තුරු ඉගැන්වීම් සඳහා ගුරුවරුන් සහභාගී නොවන බව ගුරු-විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය නායකයන් කීපදෙනෙක්ම පසුගියදා මාධ්‍ය සාකච්ඡා කැඳවමින් පැවසූහ. එහිදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පාසල් විවෘත කිරීම සම්බන්ධව සම්බන්ධව අදහස් දැක්වූයේය. ඔහු සඳහන් කළේ පාසල් ඇරඹීමට හෝ විභාග පැවැත්වීමට පෙර තම ගැටලු රජය විසඳිය යුතු බවයි.
”අධ්‍යාපන ලේකම් කුමන පදනමකින්ද අපිට නැවත වැඩකරන්න කියන්නේ. මේ විහිළු කතා කවුද පිළිගන්නේ? විහිළු සැපයීම නවත්වන්න. පාසල් විවෘත කිරීමට හා ප්‍රායෝගික පරීක්ෂණ කිරීමට පෙර කළයුතු ප්‍රධාන දේ කුමක්ද? මේ ප්රශ්නය ගැන සාකච්ඡා කර විසඳුමකට යමු. අපි දැවැන්ත තීන්දුවක් ගන්නවා.”
සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් මෙහිදී සෘජුවම සඳහන් කළේ අරගලය අවසන් වනතුරු පාසල් විවෘත කළද ඉගැන්වීම් සඳහා සහභාගී නොවන බවයි.
”දැනටමත් සූදානම් වෙනවා මේ ගැටලුව නොවිසඳා ළමුන් 200ට අඩු පාසල් 5000ක් ඔක්තෝබර් 6 විවෘත කරන්න. අපේ වෘත්තිය අරගලය විසඳන තුරු පාසල් විවෘත කළ පසු පැමිණෙන්නේ නැහැ. පාලකයන් හොඳින් තේරුම් ගන්න.”
මේ අතර ඉදිරියේදී රට නැවත විවෘත කළ වහාම විරෝධතා රටපුරා නැවත ආරම්භ කිරීමට ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇති බවද පසුගිය සතියේ වාර්තාවිය. ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම් සහ තවත් වෘත්තීය සමිති කිහිපයක්ම එම විරෝධතා සඳහා එක්වීමට කැමැත්ත පළ ඇති බවද කියැවේ.
මේ අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඔක්තෝබර් 01 වැනිදා ලෝක ළමා දිනයදා සහ ඔක්තෝබර් 06 වැනිදා ගුරු දිනයදා පාසලට එන්න කියා සියලුම ගුරුවරුන්ට ආරාධනා බව පවසා තිබුණි.
”මේ අය වැඩවර්ජන භූමිකාවක නිරත වෙනවා. අධ්‍යාපන ලේකම්වරයා විදිහට මගේ භූමිකාව කරගෙන යනවා. දරුවන් වෙනුවෙන් මම කැපවෙනවා. දරුවන්ව අසරණ කරන්න බැහැ. ඒ අය කරන වැඩවර්ජනවලට මම ප්‍රතිචාර දක්වන්නේ නැහැ. කොහොම වුණත් මේ වැඩවර්ජනවලට අකමැති ගුරුවරුන් ප්‍රමාණය අතිවිශාලයි. ඒ අය දරුවන්ට උගන්වන්න පාසලට එයි කියලා විශ්වාස කරනවා.”
මේ අතර රජයේ මැති ඇමැතිවරුන් කිහිප දෙනකුද නැවත පාසල් ආරම්භ කිරීම සහ ගුරුවරුන් සේවයට වාර්තා කිරීම සම්බන්ධව අදහස් දක්වා තිබුණි.
ඉදිරි අයවැයෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමක් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. ගුරු විදුහල්පති සංගම් ඉදිරිපත් කළ යෝජනා 11න් 10ක්ම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
”මම හිතනවා අපි කැබිනට් අනුකමිටුවේ සාමාජිකයෝ විදිහට ලබාදුන්නු යෝජනා පිළිඅරගෙන අපේ විදුහල්පතිවරු ගුරුවරු පාසල් පටන්ගත්ත දවසේ ඉඳලම සේවයට වාර්තා කරයි කියලා. අපිට ඒ ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ගුරු මව්වරු පියවරු අහිංසක දරුවන් ගැන හිතලා මේ කටයුත්තට දායක වේවි කියලා අපි හිතනවා.”
දරුවන්ට සැබෑ ලෙසම ආදරයක් දක්වන ගුරුවරුන් පාසල් විවෘත කළ පසු ඉගැන්වීම් කටයුතු සඳහා පැමිණෙනු ඇතැයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේය.
”අපේ දරුවෝ මාස දාහතක් ගෙදර. දැන් කියනවා ඉස්කෝලේ ඇරියට අපි උගන්නන්න එන්නේ නෑ කියලා. ෂයිලොක් න්‍යාය තමා සමහර අයගේ තියෙන්නේ. නමුත් මේ රටට ආදරේ කරන දරුවන්ට ආදරය කරන දරුවෝ ඉන්න දෙමව්පියන්ගෙන් එකම ඉල්ලීම පාසල් අරින්න. පාසල් ඇරියට පස්සෙ දරුවන්ට ආදරය දක්වන ගුරුවරු ඇවිල්ලා දරුවන්ට උගන්වයි.”
මෙම අර්බුදයේ තත්ත්වය කුමක් වුවත් ඔක්තෝබර් මාසය අවසන් වනවිට සියලු පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි. පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නව ක්‍රමවේදයක්ද මේ වනවිට හඳුන්වා දී තිබේ. ඒ අනුව අදියර 4 කින් පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පසුගියදා සඳහන් කළේය. ඒ අනුව පළමු අදියර යටතේ 200ට අඩු එක සහ පහ ශ්‍රේණි සඳහා පංති ආරම්භ කිරීම සිදුවේ. දෙවැනි අදියර යටතේ 200ට අඩු සියලුම පාසල් පාසල් ආරම්භ කිරීම සිදුවන අතර තුන්වැනි අදියර යටතේ යටතේ සාමන්‍ය පෙළ හා උසස් පෙළ පංති ආරම්භ කිරීමට නියමිතය. හතර වැනි අදියර යටතේ අවසාන වශයෙන් සියලුම පාසල් ආරම්භ කිරීම සිදුවනු ඇත. ඔක්තෝබර් මාසයේ අවසන් වනවිට මෙම පාසල් ආරම්භ කිරීමේ සම්පූර්ණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වනවිටත් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය 200ට අඩු සිසුන් සිටින පාසල් ඔක්තෝබර් 15 වැනිදා විවෘත කරන බව ප්‍රකාශයට පත්කොට තිබේ. ඒ අනුව ගුරු වර්ජනය යම් එකඟතාවයකින් අවසන් කිරීමට තවත් බොහෝ කාලයක් ඉතිරිව නොමැත. මේ වනවිටත් ගුරු වර්ජනය දින හැත්තෑ පහක සීමාවට පැමිණ තිබේ. සාමාන්‍යයෙන් ගුරු විදුහල්පති වර්ජනය පැවැත්ම දිනක් හෝ දෙකකි. එහෙත් මෙවර තත්ත්වය වෙනස් වී තිබේ.
අයවැය යෝජනාවලින් ලබාදීමට අපේක්ෂා කරන විසඳුම් පිළිබඳ විශ්වාසයක් ගුරු විදුහල්පති සංගම්වලට නොමැත. හදිස්සියෙම ගුරුවරුන්ට අදාළ දීමනා ලබාදීමට ආණ්ඩුවට හැකියාවක්ද නැත. වරදකරුවා කවරෙක් වෙතත් වින්දිතයෝ දරුවන්ය. පාසල් ආරම්භ වූ පසුවත් මෙම අර්බුදයේදී වැදුණහොත් එය මෙරට අධ්‍යාපන ඉතිහාසයේ සුවිසල් ඛේදවාචකයක් ලෙස ලියැවෙනු ඇත. මන්දයත් දරුවන් යනු අපගේ අනාගතයයි. ඔවුන්ගේ වර්තමානය මුළු දේශයේම අනාගතය තීරණය කරනු නොඅනුමානය.
චමිඳු නිසල් ද සිල්වා (deshaya)