කොරෝනා වැළඳුණු අයට දීර්ඝ කාලීනව බලපාන රෝග ලක්ෂණ 9ක්

කොවිඩ් 19 වයිරසය ආසාදනය වීමෙන් පසු දින 90- 180 අතර කාලයක් පවතින දීර්ඝකාලීන රෝග ලක්ෂණ 9ක් නවතම අධ්‍යයනයකින් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ චන්දිම ජීවන්දර මහතා පවසනවා. කාන්තාවන් අතර මෙම රෝග ලක්ෂණ වැඩි වශයෙන් දැක ගැනීමට හැකිවන බවයි ඒ මහතා කියා සිටියේ.

හුස්ම ගැනිමේ අපහසුතා, පපුවේ සහ උගුරේ වේදනාව, උදරයේ ඇතිවන විවිධ සංකූලතා මෙන්ම හිසරදය , අධික වෙහෙස සහ මානසික ආතතිය මෙම රෝග ලක්ෂණ අතරට අයත්. කොවිඩ් 19 ආසාදනය වීමෙන් රෝහල්ගත කිරීමට ලක්වූපිරිස් අතර මෙම ලක්ෂණ වැඩි වශයෙන් දැක ගැනීමට ලැබෙනවා.

පුවත යවන්න