පාසල් අරඹන්න කළින් ගුරු ගැටළු විසදන්න / එජාප ය ඉල්ලයි

පාසල් විවෘත කිරීමට පෙර ගුරු විදුහල්පති ගැටළුවට විසදුම් දී දැයේ දුවා දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා.

ඇඟේ හයියෙන් සහ කටේ හයියෙන් ප්‍රශ්න විසදනවා වෙනුවට රටේ අනාගතය ගැන සිතා ජාත්‍යන්තර ගුරුදිනයේදී වත් ගුරු ගැටලු විසදන්නට රජයේ අවධානය යොමු වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද නියෝජ්‍ය නායකවරයා සදහන් කළා.

ඔක්තෝම්බර් දෙවැනි සතියේ සිට ක්‍රමානුකූලව පාසල් විවෘත කිරීමට රජය අපේක්ෂා කර ඇති නමුත්  පාසල් විවෘත කිරීමට ප්‍රථම ආණ්ඩුව විසින් කළයුතු කරුණු කිහිපයක් පවතින බවයි ඔහු සදහන් කළේ.
ගුරු වැටුප් අර්බුධය විසදීම එහි මූලික තත්ත්වය බව ද රුවන් විජයවර්ධන මහතා සදහන් කළා.

පුවත යවන්න